Thursday, February 22, 2018

උණ සමග ෆිට් එකක් සෑදුනු දරුවකු නෑවීමෙන් ෆිට් එක නවතිනවාද?






SL Community Health Forum ෆේස්බුක් සමුහයේ සිදුවූ සාකච්ඡාවකදී මතුවූ කරුණු ඇසුරෙන් සකස් කරන ලදී. 


  • ෆිට් එක නැවත්වීමට කියා නෑවීම යනු අසාර්ථක ක්‍රමයක්. ගොඩක් වෙලාවට ෆැරන්හයිට් 99 වන විට ෆිට් එක සෑදෙනවා. අනෙක් කරුණ නෑවීමෙන් ශරීර අභ්‍යන්තර උෂ්ණත්වය නැතහොත් core temperature එක වෙනස් වන්නේ නෑ . 
  • ෆිට් එක නැවැත්වීමට නෑවීම මෙන්ම තවත් ක්‍රම රාශියක් විද්‍යාත්මකව අත්හදා බලා තිබෙනවා. එම ක්‍රම සියල්ලම එක්කෝ සම්පූර්ණයෙන්ම අසාර්ථකයි. නැතහොත් එයින් ලැබෙන ප්‍රතිලාභය වම් ඇලයට තබා ශ්වසන මාර්ගය ආරක්ශා කර ගැනීමෙන් ලැබෙන ප්‍රතිපලයට වඩා අඩුයි. 
  • ෆිට් එකක් එන වෙලාවට වම් ඇලයට හරවා තියන්න කියන්නෙ එක් ඉතා වැදගත් කරුණක් නිසයි. එනම් ශ්වසන මාර්ගයට ආහාර මාර්ගයේ ඇති දේවල් ඇතුලු වීම වැලැක්වීමට සහ වෙනත් ආකාරයකට ශ්වසන මාර්ගය අවහිර වීම වැලැක්වීමටයි ඇත්තටම සුලු වේලාවක් පවතින ෆිට් එකකින් පුද්ගලයෙක් මැරෙන්නේ නෑ. නමුත් ශ්වසන මාර්ගයට යමක් ඇතුලු උනොත් ශ්වසන අවහිරතාව නිසා එවේලේම හෝ පසුව නිව්මෝනියාව වැනි සංකූලතාවයක් නිසා රෝගියා මැරෙන්න පුලුවන්.
  • වම් ඇලයට පුද්ගලයා තැබීම අහම්බෙන් තීරණය් කල දෙයක් නොවේ. එය ෆිට් එකක් එන විට රෝගියාගේ ජීවිතය බේරීමට කල හැකි හොඳම දෙයයි. ඒ හැරුණු විට කරන වෙනත් ඕනෑම දෙයක් (නෑවීම, හැඳි කටට දැමීම ඇතුලුව) රෝගියාගේ ජීවිත අවදානම වැඩි කරනවා හෝ නැති ජීවිත අවදානමක් ඇති කරනවා. ඒ නිසා රෝගියා වම් ඇලයට තැබීම කල යුතු සුදුසුම දෙයයි. 

සම්පත් දායකත්වය - වෛද්‍ය මිහිඳු ඉඳුනිල් ජයරත්න , වෛද්‍ය නවීන් උඩවැල්ල 

ෆිට් එකකදී කල යුත්තේ කුමක්ද? වෛද්‍ය බෝධිනී සමරතුංගගේ ලිපියට මෙතනින් 


SL Community Health Forum ෆේස්බුක් සමුහයේ මෙම සාකච්ඡාව සඳහා පහත සබැඳියට යන්න 




No comments:

Post a Comment

මෙහෙම කළොත් බෙහෙත් වෙන්න හැකිය විපත්

කතා අංක එක: කන්තෝරුවෙදි නිමල්ට දරා ගන්න බැරි බඩේ අමාරුවක් හැදෙනවා.ඉවසාගෙන ඉන්නම බෑ.හාෆ් ඩේ එකක් දාලා ඉස්පිරිතාලෙ යන්න  යද්දි අල්ලපු මේ...

ජනප්‍රිය කතාබහ