Wednesday, February 14, 2018

පොල්තෙල් වල කොලෙස්ටරෝල් තිබෙනවාද








(2018.02.13 දින SL Community Health Forum ෆේස්බුක් සමුහය වෙත 
අසන්නියක්  යොමු  කරන ලද පැනයක්
සහ ඊට වෛද්‍යවරුන් ලබා දුන් පිළිතුරු ඇසුරින් සැකසුණි )


ප්‍රශ්නය -  අපේ රටේ ආහාර පිසීම සදහා වැඩියෙන් භාවිතා කරනුලබන පොල් තෙල් වල අඩංගු කොලොස්ටරෝල් ප්‍රමාණය පිලිබඳ ව විවිධ අය නොයෙකුත් මත පල කරති.
  • පොල් තෙල් වල ඇති කොලොස්ටරෝල් ප්‍රමාණය කෙසේද ?

  • බටර් ,මාගරින් ,එලගිතෙල් ආහාර පිසීම සදහා සුදුසු ද්?

  • තවද , සුදු ලූනු , කරපිංචා වැනිදේවල්වලින් කොලොස්ටරෝල් මට්ටම අඩුකර ගත හැකිද ?

ඉහත කරුණු පිලිබඳව නිවැරැදි වෛද්‍ය මතය කුමක් ද??


විශේෂඥ වෛද්‍ය රංග වීරක්කොඩි මහතා - කොලෙස්ටරෝල් අඩංගු වෙන්නේ සත්ව ආහාර වල පමණි. ඒ නිසා පොල්තෙල් වල කොලෙස්ටරෝල් අඩංගු නැත. නිරෝගී කෙනෙක්ට මේ කිසිවකින් ප්‍රශ්නයක් නැත. ශාක වල අඩංගු phytosterol මගින් කොලෙස්ටරෝල් සිරුරට උරා ගැනීම අඩු කරයි. මේ නිසා මේ ආහාර ප්‍රයෝජනවත් විය හැකියි

(ප්‍රති - ප්‍රශ්නය )- ශාක තෙල් ආහාරයට ගත් පසු අපේ ඇග තුලදී කොලෙස්ටරෝල් හැදෙන්න පුලුවන් නේද?

විශේෂඥ වෛද්‍ය රංග වීරක්කොඩි මහතා -  ඔව් 

විශේෂඥ වෛද්‍ය චමිල ලසන්ත මහතා - අපගේ සාමාන්‍ය ජනතාව කොලෙස්ටරෝල් කියා අදහස් කරන්නේ ඇත්ත කොලෙස්ටරෝල් ගැන නොව සමස්ත මේදය ( fat ) ගැන බව මගේ නිරීක්ෂණයයි. එම නිසා මේ වගේ පැහැදිලි කිරීමක් කරන්නම්. 

අපගේ ආහාරයේ ඇති මේදය ප්‍රදාන ලෙස වර්ග දෙකකි. එනම් අසන්තෘප්ත මේදය හෙවත් හිතකර මේදය සහ සන්තෘප්ත මේදය හෙවත් අහිතකර මේදය ලෙස. 

අසන්තෘප්ත මේදය හමුවන්නේ මාළු , විවිධ ඇට වර්ග ( ආමන්ඩ් , කජු , තළ ) තෙල් වර්ග ( ඔලිව් තෙල්, කැනොලා තෙල් ) යනාදියෙනි. මේවා මගින් හදවත් රෝග අඩු කිරීමට විශාල බලපෑමක් කරයි. 

සංතෘප්ත මේදය හමුවන්නේ ගොඩක් සත්ව ආහාර වලයි. උදා . මස් වර්ග, බිත්තර, මේදය සහිත කිරි, සහ පොල් තෙල්, පාම් තෙල් යනාදියෙනි. මේවා ඔබගේ ආහාරයෙ සම්පූර්ණ කැලරි අවශ්‍යතාවයෙන් 10% කට වඩා අඩු කර ගත යුතුයි. 

ඔබගේ ප්‍රශ්න වලට උත්තර දුන්නොත්..

1. පොල්තෙල් වල කොලෙස්ටෙරෝල් නැත. ඇත්තේ අහිතකර සංතෘප්ත මෙදය වේ. 

2. බටර් මාර්ගරින් එලගි තෙල් වල බහුලව සංතෘප්ත මේදය ඇත . එම නිසා පමණ දැන පාවිච්චි කරන්න . 

3. කරපිංචා ගැන මම දන්නේ නැත . කොලෙස්ටෙරෝල් අඩු කර ගැනීමේ ඉතා සාර්ථක ප්‍රතිකාර බටහිර වයිද්ය විද්‍යාවේ පවතින නිසා සුදු ළූණු හෝ කරපිංචා ගැනීමේ අවශ්‍යතාවක් නැති බව මගේ හැගීමයි .




සායනික පෝෂණ වේදී වෛද්‍ය නදීෂා විජේනායක මහත්මිය - 

<<පොල් තෙල් වල ඇති කොලොස්ටරෝල් ප්රමාණය කෙසේද ?>>

පොල් තෙල් යනු ශාක වලින් ලබා ගන්නා තෙල් වර්ගයකි. එම නිසා එහි කොලෙස්ටරෝල් අඩංගු නැත. ලංකාවේ අපට භාවිතයට සුදුසුම තෙල් වර්ගය පොල් තෙල්ය. නමුත් අප වෙළද පොලේ ඇති බොහෝ පොල් තෙල් නියම පොල් තෙල් නොවේ. නියම පොල් තෙල් 
නිවැරදිව හදුනා ගත යුතුය. නමුත් තෙල් අධිකව ආහාරයට ගැනීමෙන් ලෙඩ රෝග සෑදේ. 

<<බටර් ,මාගරින් ,එලගිතෙල් ආහාර පිසීම සදහා සුදුසු ද? >>

බටර් සහ එලගි තෙල් සත්ව තෙල්ය. මේවා රත් කිරීමේදී අහිතකර සංයෝග සැදීම අඩුය. මේ නිසා කෑම පිසීමට භාවිතා කල හැක.මාගරින් යනු ශාක උපයොගී කරගෙන සාදන තෙල් වර්ගයකි. ශාක තෙල් රත් කිරීමේදී මිනිසාට අහිතකර trans fat බවට පත්වේ. එම නිසා මාගරින් කෑම පිසීමට යොදා නොගන්න. සුරියකාන්ත තෙල්, ඔලිව් තෙල්, තල තෙල් වැනි දෑ ඉතාම අඩුවෙන් රත් කල යුතුය. නමුත් පොල් තෙල් මීට වඩා වෙනස් ආකාරයෙන් හැසිරෙ. පොල් තෙල් ආහාර පිසීමට හා ගැඹුරු තෙලේ බැදීමට භාවිතා කල හැක.

<<සුදු ලූනු , කරපිංචා වැනිදේවල්වලින් කොලොස්ටරෝල් මට්ටම අඩුකර ගත හැකිද ? >>

සුදු ලූනු , කරපිංචා වැනි ආහාර වල අඩංගු යම් සංඝටක අපගේ ශරීර සෞඛ්‍යයට යහපත් අන්දමින් බලපායි. මේවා FUNCTIONAL FOOD යන නමින් හදුන්වනු ලැබේ. එදිනෙදා ආහාරයට එකතු කර ගැනීමෙන් හොද ප්රතිපල ලැබේ. නමුත් මේවා තවමත් විද්යාත්මකව තහවුරු කර නැත.


SL Community Health Forum ෆේස්බුක් සමුහයේ මෙම සාකච්ඡාව සඳහා පහත සබැඳියට යන්න



DISCLAIMER - මෙහි අඩංගු වන්නේ ෆේස්බුක් සමුහයක් තුල සාකච්ඡා වූ කරුණු ඇසුරෙන් සකස් කරන ලද  සාරාංශයකි. රෝගියෙකුගේ ප්‍රශ්නයකදී එයට ගැලපෙන පිළිතුරු දීමට විවිධ පැතිකඩ වලින් එම ප්‍රශ්නය දෙස බැලිය යුතුය. එම නිසා ඔන්ලයින් අවකාශයේදී ප්‍රශ්න වලට පිළිතුරු සැපයීමේදී යම් යම් ගැටළු සහිත තැන් මතුවිය හැක.  මෙම සමුහය තුල අප වෛද්‍යවරුන් උත්සාහ ගන්නේ සමස්ත ජනතාවටම ප්‍රයෝජනවත් වන ලෙස පිළිතුරු සැපයීමට ය . එම නිසා ඔබේ පුද්ගලික ගැටළු වලට විසඳුම් සෙවීමේදී මෙම උපදෙස් උපයෝගී කරගැනීමේදී සැමවිටම සැලකිලිමත් වන්න. හැකි හැමවිටම වෛද්‍ය වරයකු හමුවී සාකච්ඡා කර ඔබේ පුද්ගලික සෞඛ්‍ය ගැටලුවට විසඳුම් ලබා ගන්න. 



No comments:

Post a Comment

මෙහෙම කළොත් බෙහෙත් වෙන්න හැකිය විපත්

කතා අංක එක: කන්තෝරුවෙදි නිමල්ට දරා ගන්න බැරි බඩේ අමාරුවක් හැදෙනවා.ඉවසාගෙන ඉන්නම බෑ.හාෆ් ඩේ එකක් දාලා ඉස්පිරිතාලෙ යන්න  යද්දි අල්ලපු මේ...

ජනප්‍රිය කතාබහ