Monday, February 12, 2018

දියවැඩියාවට බොන බෙහෙත් නිසා වකුගඩු 'නරක් වෙනවද'?






SL Community Health Forum  ෆේස්බුක් සමුහයෙහි අසන්නෙක් අසා තිබු ප්‍රශ්නයක්
සහ ඊට වෛද්‍යවරුන් ලබා දී තිබු පිළිතුරු ඇසුරෙන් සකස් කරන ලදී 

ප්‍රශ්නය  - වෛද්‍යතුමනි , අපේ අම්මාට වයස අවුරුදු 63ක්.අවුරුදු දහයකට පෙර දියවැඩියාව වැලඳී මෙට්ෆෝමින් බෙහෙත භාවිතා කරනවා. මාස දෙකකට පෙර ඇයගේ වකුගඩුවල ක්‍රියාකාරිත්වය අඩු බව හෙලි වුණා. දියවැඩියාව සඳහා දිගු කලක් බෙහෙත් ගැනීම නිසා වකුගඩු අක්‍රිය වන බවක් මා අසා තිබෙනවා. වකුගඩු අඩපණ වීම නවතන්නට බෙහෙත් වෙනස් කළ යුතු ද?


වෛද්‍ය ලාලිත ගුණරත්න  - දියවැඩියාව රෝගය නිසා එහි සංකූලතාවයක් විදියට වකුගඩු දුර්වල වීම වෙනවා. නැතුව දියවැඩියාවට දෙන ඖෂධ නිසා වකුගඩු රෝග ඇතිවෙන බව වැරදි විශ්වාසයක් . වකුගඩු සම්බන්ධ විශේෂඥ වෛද්‍යතුමෙක් වන Ranga Weerakkody මහතා අපට සිටින විශිෂ්ට ගණයේ සම්පත්දායකයෙක්. එතුමාගෙන් වඩාත් විස්තරාත්මක පිළිතුරක් අපට ලැබේවි.

විශේෂඥ වෛද්‍ය රංග වීරක්කොඩි දියවැඩියාව නිසා වකුගඩු අක්‍රිය වන්නේ ඖෂධ නිසා නොව සීනි සහ රුධිර පීඩනය පාලනය අයහපත් වූ විටය. ඔබගේ මවගේ වකුගඩු වල ක්‍රියාකාරිත්වය සහ මුත්‍රා ප්‍රෝටීන් පිටවෙනවා දැයි දැන ගැනීමට අවශ්‍ය වෙනවා. ඒ සඳහා යම් යම් පරීක්ෂණ කිරීමට අවශ්‍යයි. එහි ප්‍රතිපල සමග වකුගඩු දුර්වලතාවයක් ඇතිද, වකුගඩු වලට හානියක් වී ඇත්ද යන්න නිගමනය කල හැකියි. සමහර විට ඖෂධ වෙනස් කිරීමට සිදු විය හැකියි.

මෙට්ෆෝර්මින්, වකුගඩු ඉතාම දුර්වල අවස්ථාවල හැරෙන්නට දියවැඩියාවට අනගි ඔසුවක්. සීනි පාලනය හැර කොලෙස්ටෙරෝල් පාලනය, හෘදයාබාධ අඩුකිරීම, බර අඩු කිරීම සහ සමහර පිළිකා වැලැක්වීම පවා මෙට්ෆෝර්මින් මගින් සිදු වෙනවා. මෙට්ෆෝර්මින් පාවිච්චියේ සුදුසු නුසුදුසු බව බැලිය හැක්කේ වකුගඩු පරීක්ෂණයකින් අනතුරුව පමණයි. 

ඔබට ලඟම රෝහලේ වකුගඩු රෝග සායනයට ඔබේ මව පෙන්වන්න.



SL Community Health Forum  ෆේස්බුක් සමුහයෙහි මෙම සාකච්ඡාව සඳහා පහත සබැඳියට යන්න 







No comments:

Post a Comment

මෙහෙම කළොත් බෙහෙත් වෙන්න හැකිය විපත්

කතා අංක එක: කන්තෝරුවෙදි නිමල්ට දරා ගන්න බැරි බඩේ අමාරුවක් හැදෙනවා.ඉවසාගෙන ඉන්නම බෑ.හාෆ් ඩේ එකක් දාලා ඉස්පිරිතාලෙ යන්න  යද්දි අල්ලපු මේ...

ජනප්‍රිය කතාබහ