Sunday, February 11, 2018

ඔබේ රෝගියා මිය ගිය විට කරන්නේ කුමක්ද?





වෛද්‍ය රංග වීරක්කොඩි 


අප රෝගියකු රෝහලට ඇතුළු කරන්නේ ඔහු හෝ ඇය සම්පූර්ණ සුවය ලබනු දැකීමට කැමැත්තෙනි. නමුත් සමහර විටෙක රෝගයේ බරපතල කම නිසා රෝගියා මිය යා හැකිය. එවන් විටෙකදී
කළ යුතු දේ මොනවාද යන්න මෙහි සාකච්ඡා වේ.


රෝගියකු මිය ගිය බව තීරණය කෙරෙන ආකාර දෙකකි.

1. හෘද අකරණි මරණය (cardiac death) - මෙහිදී හෘදය වස්තුව නතර වීම සිදු වේ. නාඩි සහ ඊ.සී.ජී. පරීක්ෂාවකින් සහ ඇස් පරීක්ෂාවකින් පසුව මිය ගිය බව තීරණය කෙරේ.

2.මොළය මිය යාම (Brain death) - ශ්වසන ආධාරක යන්ත්‍රයට සවි කර ඇති අවස්ථා වල මොළයට බරපතල හානි සිදු වූ රෝගීන් මිය ගිය බවට රෝග විනිශ්චය ලබා දෙනු ලබයි. මෙහිදී මොළයට වී ඇති හානි වලට අනුව සුව වීමක් බලාපොරොත්තු විය නොහැකිය. යන්ත්‍රය නැවැත්වූ විගස රෝගියාගේ හෘදය වස්තුවද නතර වේ. අවයව දන්දීමට කැමති අවස්ථා ඇතොත් මෙහිදී ඒ ගැන සලකා බැලේ.

ඉහත කුමන ආකාරයෙන් මිය ගිය බව තීරණය කළත් මෘත ශරීරය පැය දෙකක් වාට්ටුවේ තබා ගැන්මෙන් පසුව මෘත ශරීරාගාරය වෙත යවනු ලබයි.
මෘත ශරීරාගාරයෙන් මෘත දේහය නිදහස් කෙරෙනුයේ සමහර අවස්ථා වලදී පමණි. සමහර අවස්ථාවල හදිසි මරණ පරීක්ෂණයක් සහ පස්චාත් මරණ පරීක්ෂණයක් කිරීමට සිදුවේ. මරණ වර්ග පහත පරිදි වේ;
1. සැක රහිත මරණ - මරණයට හේතුව පිළිබඳ වෛද්‍ය කණ්ඩායම සෑහීමකට පත් වන අතර, මරණය වාහන අනතුරක්, ඝාතනයක් (හෝ එසේ සැක කල හැකි නම්), විෂවීමක් / සර්ප දෂ්ටනයක්, ලෙප්ටොස්පිරෝසිස් හෝ ඩෙංගු සහ මාතෘ මරණයක් නොවන අවස්ථාවල මෙය බල පැවැත්වේ. මෘත සහ්‍රීරය හැකි ඉකමණින් ඥාතීන්ට නිදහස් කෙරෙයි. ඉහත අවස්ථා වලදී හදිසි මරණ පරීක්ෂණයක් සහ අවශ්‍ය නම් පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කෙරේ.
2. සැක සහිත මරණ - ඉහත පරිදි වාහන අනතුරක්, ඝාතනයක් (හෝ එසේ සැක කල හැකි නම්), විෂවීමක් / සර්ප දෂ්ටනයක්, ලෙප්ටොස්පිරෝසිස් හෝ ඩෙංගු සහ මාත මරණයක් යන අවස්ථාවල අනිවාර්ය ලෙස හදිසි මරණ පරීක්ෂණයක් සිදු කෙරේ.
3. හදිසි මරණ - රෝහලට ඇතුළු කර පැය 24කට අඩු කාලයකදී සිදු වන මරණ සඳහා හදිසි මරණ පරීක්ෂණයක් සිදු කෙරේ.
වාට්ටුවේ වෛද්‍ය වරයා විසින් (1) අවස්ථාවේදී මරණය සිදුවී පැය කීපයක් ඇතුළතත්, (2) සහ (3) අවස්ථාවල හදිසි මරණ පරීක්ෂක වාර්ථාව හෝ අධිකරණ වෛද්‍ය නිළධාරී වාර්ථාව ලැබීමෙන් පසුව හෝ මරණය දන්වා සිටීමේ පත්‍රය (Declaration of Death Certificate) සම්පූර්ණ කර රෝගියාගේ ඥාතීන්ට ලබා දෙනු ඇත. ඉන් පිටපත් තුනක් සාදා ගත යුතු අතර, මුල් පිටපත උපත් හා මරණ රෙජිස්ට්‍රාර් වරයාටත්, දෙවැන්න මල්ශාලාවටත්, තෙවැන්න සුසාන භූමියටත් ලබා දීමට තබා ගත යුතුය. වෛද්‍යවරයා සහතික කිරීමෙන් පසුව දේශය ඥාතීන් වෙත නිදහස් කෙරේ. උපත් හා මරණ රෙජිස්ට්‍රාර් වරයා විසින් මරණ සහතික පත්‍රයක් (Death Certificate) නිකුත් කරන අතර එයින් පිටපත් දෙකක් සාදාගෙන මල්ශාලාවට සහ සුසාන භූමියට ලබා දිය යුතු වේ. සැක සහිත මරණ වලදී නම් යම් යම් කොන්දේසි පැනැවිය හැකි අතර, ඒවා අධිකරණ වෛද්‍ය නිළධාරී කාර්යාලයෙන් පැහැදිලි කර ගැනීම සිදු කල යුතුය.

SL Community Health Forum හි මෙම ලිපිය සඳහා පහත සබැඳියට යන්න 

No comments:

Post a Comment

මෙහෙම කළොත් බෙහෙත් වෙන්න හැකිය විපත්

කතා අංක එක: කන්තෝරුවෙදි නිමල්ට දරා ගන්න බැරි බඩේ අමාරුවක් හැදෙනවා.ඉවසාගෙන ඉන්නම බෑ.හාෆ් ඩේ එකක් දාලා ඉස්පිරිතාලෙ යන්න  යද්දි අල්ලපු මේ...

ජනප්‍රිය කතාබහ