Friday, February 9, 2018

දීර්ඝ කාලීනව නාසයෙන් සොටු දියර ගැලීම නිට්ටාවටම සුව කල හැකිද?




(2018.02.08 දින අසන්නියක් යොමුකළ පැනයක් සහ ඊට ලැබුණු පිළිතුරු
)

ප්‍රශ්නය - මාගෙ දියනිය ට වසරක පමණ කාලයක සිට උදෙන්ම සහ සැන්දෑකාලයේ
කිවිසුම් යෑම ,නාසයෙන් සොටු දියර ගැලීම සිදුවෙයි....
මෙය පීනස රෝග යද?  ප්‍රතිකාරගන්නා විට තාවකාලිකව සුව වෙයි..
පාසල් යන ඇය මෙයින් දැඩි අපහසුතා වයකට පත් වෙයි..
මෙය නිට්ටාවටම සුව කල හැකිද?
ඒ සදහා කල යුතු දේ මොනවාද ?

කායික රෝග විශේෂඥ චමිල ලසන්ත වෛද්‍යතුමාගේ පිළිතුර 

"බොහෝ විට දරුවාට ඇත්තේ පීනස හෙවත් Allergic rhinitis තත්වයයි . මේ සදහා steroid වර්ගයේ නාසයට දමන දියරයක් ( nasal spray ) සහ anti histamin වර්ගයක් රාත්‍රියට පාවිච්චි කිරීමෙන් ඉතා සාර්ථකව පාලනය කර ගත හැක. මේ සඳහා පවුලේ වයිද්‍යවරයා හමුවී උපදෙස් ලබා ගන්න. තවත් දෙයක්...මෙය නිට්ටාවටම සනීප කර ගැනීම ඉතා අපහසුයි. නමුත් හොඳින් පාලනය කර ගත හැක." 


ප්‍රශ්නය - මේ ප්‍රතිකාර දීර්ඝකාලීන ව ලබා ගත යුතුද ...?

වෛද්‍ය ලාලිත ගුණරත්න -  ඔව්.. නමුත් සමහර රෝගීන්ගේ රෝග ලක්ෂණ යම් කාලයකින් පසු මග හැරීයන අවස්තා දැක තිබෙනවා.


SL Community Health Forum හි එම සාකච්ඡාව සඳහා පහත සබැඳියට යන්න 

No comments:

Post a Comment

මෙහෙම කළොත් බෙහෙත් වෙන්න හැකිය විපත්

කතා අංක එක: කන්තෝරුවෙදි නිමල්ට දරා ගන්න බැරි බඩේ අමාරුවක් හැදෙනවා.ඉවසාගෙන ඉන්නම බෑ.හාෆ් ඩේ එකක් දාලා ඉස්පිරිතාලෙ යන්න  යද්දි අල්ලපු මේ...

ජනප්‍රිය කතාබහ