Thursday, February 8, 2018

එන්න ඇඩ්මිට් වෙන්න





වෛද්‍ය සඳුනි සුදර්ශනා පෙරේරා 

මේ රෝහලකට ඇතුල් වෙන හැටි ගැන අපේ ලිපි පෙලේ පළමු වෙනි ලිපිය
රෝහලකට ඇතුල් වෙන්න හේතු වෙන අවස්ථා දෙකක් තියෙනවා.
1.යොමු කිරීමක් (referral) මත
මේ යොමු කිරීම රෝහලේ බාහිර රෝගී අංශයෙන් හෝ සායනයකින් වෙන්න පුළුවන්.
එක් රෝහලකින් තවත් රෝහලකට යොමු කිරීමක් වෙන්නත් පුලුවන් .
රෝහලෙන් පිටත පුද්ගලික අංශයේ වයිද්‍යවරුන් ගේ තීරණය ක් උඩ වෙන්නත් පුලුවන්.
මෙතනදී සමහර වෙලාවට ඔබ රෝහල් ගත වීමටවෙන බව දැන ගන්නේ ඒ මොහොතේ වෙන්නට පුලුවන්.
උදා: උණට බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ගැනීමට එන රෝගියෙක් රුධිර පීඩනය අඩුවීම නිසා ඇතුලත් කිරීමට සිදු වීම
නමුත් ඇතැම් අවස්ථාවල ඔබට ඇතුලත් විය යුතු බව කලින් දැනුම් දෙනවා.
උදා : ශල්‍ය රෝග සායනය හරහා හදිසි නොවන සැත්කමකට ලබාදුන් දිනයක ඇතුලත් වීම
2.රෝගියා විසින් හෝ භාරකරුවන් විසින් රෝගියා ඇතුලත් කිරීමට තීරණය කිරීම
-බාහිර රෝගියෙක් ලෙස ප්‍රතිකාර ගැනීමෙන් සුව නොවූ රෝගීන්
-බාහිර රෝගී අංශය වෙත යා නොයුතු හදිසි රෝගීන්
උදා :හදිසි අනතුරු, ආසාත්මිකතා, හර්දයාබාධ මේ ආකාරයට කෙලින්ම රෝගීන් ඇතුලත් කිරීමේ අංශයට පැමිනෙන අය
රෝගින් ඇතුලත් කරගන්නා ස්ථානය රෝහලක ප්‍රධාන පිවිසුම ආසන්නයේ බොහෝ විට තිබෙන්නේ.රෝහලේ තොරතුරු කවුලුවෙන් ,හෝ උපස්ථායකවරයෙක් ගෙන් එසේත් නැතිනම් ආරක්ෂක නිලදාරියෙකුගෙන් විමසීමෙන් එම ස්ථානය සොයා ගත හැකි යි.
රෝගියා එම ස්ථානය වෙත දෙපයින් යාමට නොහැකි ලෙස රෝගීව සිටියි නම් උපස්ථායවරයෙකු ට ඒ බව දැනුම් දී රෝගියා රෝද පුටුවකට හෝ ට්‍රොලියකට ගත යුතූයි.
ඇතැම් අවස්ථා වල රෝගියාට එතරම් අපහසුවක් නැතත් රෝගී තත්වය අනුව එසේ යාම උචිත නිසා උපස්ථායක වරයෙක් ඔබගෙන් විමසා සිටින විටක රෝගියාගේ රෝගී තත්වය කෙටියෙන් පවසන්න මැලි වන්නට එපා.
රෝගීන් ඇතුලත් කරන ස්ථානයේදී රෝගියා සමඟ එක් අයෙක් සිටීම ප්‍රමාණවත් .හදිසි රෝගීන් සැමවිටම මුල් තැන දීමටත් ඔබ කාරුණික විය යුතුයි.
රෝගීන් ඇතුලත් කරන වයිද්‍යවරුන් ඔබගේ රෝග ළක්ශන කෙටියෙන් විමසා ඇඳ ඉහපත් වාර්තාවක්(bed head ticket) ඔබට ලබා දෙනවා.
මෙය නීතිමය ලියවිල්ලක් ද බැවින් ඔබගේ න නම,වයස ආදී තොරතුරු නිවැරදි ව ලබා දිය යුතුයි.
රෝගීන් ඇතුලත් කරන ස්ථානය ඉතාමත් කාර්‍ය බහුල බැවින් ඔබගේ රෝග ළක්ශන කාලානුරූපීව කෙටියෙන් පැවසීම සුදුසු යි.
දිගු කාලීනව ප්‍රතිකාර ලබන් අසනීප හා ආසාත්මිකතා තිබේ නම් ඒ ගැන අනිවාර්යයෙන් සඳහන් කළ යුතුයි.
අදාල ඇඳ ඉහපත ලියාපදිංචි කිරීමෙන් අනතුරුව ඔබව අදාල වාට්ටුව වෙතට යොමු කරනු ලබනු ඇති.



මීළඟ ලිපියෙන් බලාපොරොත්තු නොවූ අවස්ථාවක රෝහල් ගත වීම ගැන කතා කරමු



SL Community Health Forum සමුහයේහි මෙම ලිපිය සඳහා පහත ලින්ක් එකට යන්න 

No comments:

Post a Comment

මෙහෙම කළොත් බෙහෙත් වෙන්න හැකිය විපත්

කතා අංක එක: කන්තෝරුවෙදි නිමල්ට දරා ගන්න බැරි බඩේ අමාරුවක් හැදෙනවා.ඉවසාගෙන ඉන්නම බෑ.හාෆ් ඩේ එකක් දාලා ඉස්පිරිතාලෙ යන්න  යද්දි අල්ලපු මේ...

ජනප්‍රිය කතාබහ