Thursday, February 8, 2018

ළදරුවන්ගේ ප්‍රතිශක්තිකරණ එන්නත දුන් පසු උණ ගැනීම. පුද්ගලික අංශයෙන් එන්නත ලබාගැනීම විසදුමක්ද?




=====2018.02.07 දින සාමාජිකාවක් විසින් අසන ලද ඉංග්‍රීසි භාෂාවෙන් අසන ලද  ප්‍රශ්නයක් සහ ඊට ලැබුණු පිළිතුරු වල සරල සිංහල පරිවර්තනය =====


ප්‍රශ්නය - ඇතැම් මව් වරුන් තම ළදරුවාගේ ප්‍රතිශක්තිකරණ එන්නත රජයේ සායනයෙන් නොව පුද්ගලික  අංශයෙන් ලබා ගැනීමට කැමැත්තක් දක්වනවා. එයට හේතුව වී තිබෙන්නේ පුද්ගලික අංශයෙන් ලබාගන්නා එන්නතෙන් පසු දරුවාට උණ සැදෙන්නේ නැති බවට මවුවරුන්ගේ ඇති විශ්වාසයයි. රජයේ සායන වලින් ලබා ගන්නා එන්නතෙන් පසුව තම දරුවට උණ සැදුනු බව බොහොමයක් මවුවරුන් කතාවෙනවා. මෙහි සත්‍ය
අසත්‍යතාවය කුමක්ද? ඇත්තටම පුද්ගලික අංශයෙන් ලබා දෙන එන්නතෙන් පසු දරුවට උණ ගැනීමට ඇති හැකියාව අඩුද? පුද්ගලික අංශයේ එන්නත ගැන අපට විශ්වාසය තැබිය හැකිද? 


වෛද්‍ය සමීර සේනානායක මහතා (ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ) 

"රජයේ සායන වල තිබෙන්නේ පෙන්ටාවේලන්ට් නමැති ප්‍රතිශක්ති එන්නත වන නමුත් පුද්ගලික අංශයේ තිබෙන්නේ හෙක්සාවෙලන්ට් නමැති එන්නතයි. ( මෙම එන්නත් මගින්    ගලපටලය, කක්කල් කැස්ස,  පිටගැස්ම, හිමොෆිලස් ඉන්ලුවෙන්සා බී බැක්ටීරියාව, හෙපටයිටිස් බී යන රෝග වලට අවශ්‍ය ප්‍රතිශක්තිය ලබා දෙනවා

ගොඩක් වෙලාවට මේ උණ ලක්ෂණයට හේතුව එන්නතේ ගලපටලය නමැති රෝගයට සම්බන්ධ කොටසයි. රජයේ සායන වල තිබෙන පෙන්ටාවේලන්ට් එන්නතේ මෙම ගලපටලයට අදාල අඩපණ කරන ලද සම්පුර්ණ බැක්ටීරියා සෛලයම  තිබෙනවා. නමුත් පුද්ගලික රෝහල් වල දෙන හෙක්සාවේලන්ට් එන්නතේ තිබෙන්නේ එම බැක්ටීරියා සෛලයේ කොටසක් පමණයි. ( මෙය එන්නත් මගින් දේහයේ  ප්‍රතිශක්තිය ඇතිකරන එක මුලධර්මයක් . රෝගය ඇතිකළ නොහැකිවන ලෙස අඩපණ කරන ලද සම්පුර්ණ  බක්ටිරියාවම  හෝ  සිරුරේ ප්‍රතිශක්තියට අදාළ සෛල වලට හඳුනාගත හැකි තරමට කොටස් අඩංගු බැක්ටීරියාවේ සෛල කොටසක් පමණක් හෝ අඩංගු කර එන්නත් සාදයි

මෙම මෙම අඩංගු සෛල ප්‍රමාණයේ වෙනස්කම නිසා පැහැදිලිවම ඊට දේහය දක්වන ප්‍රතික්‍රියාව ද වෙනස්. රජයේ සායනයේ දෙන සම්පුර්ණ සෛලය අඩංගු එන්නතෙන් පසු උණ වැනි ලක්ෂණ මතුවීමත් සෛලයේ කොටසක් පමණක් අඩංගු පුද්ගලික අංශයේ දෙන එන්නතෙන් පසු එවැනි ලක්ෂණ මතු නොවන්නේත් මේ නිසයි.  උණ  මගින් අඟවන්නේ එන්නතෙන් පසු සිරුරේ ප්‍රතිෂක්තියට අවශ්‍ය ක්‍රියාදාමය පටන්ගෙන ඇති බවයි. එම ක්‍රියාදාමය සාපේක්ෂව සුළුවෙන් සිදුවෙන විට උණ වැනි රෝග ලක්ෂණ මතුවීමද අඩුයි.  

නමුත් අවසානයේ දරුවට ලැබෙන ප්‍රතිශක්තිය වඩාත් ශක්තිමත් වන්නේ පෙන්ටාවේලන්ට් නමැති රජයෙන් දෙන එන්නත මගිනුයි"


වෛද්‍ය  Terrence Rohan Chinniah ( විශේෂඥ ක්ෂුද්‍රජීව විද්‍යා සහ ආසාදන පාලන)


"වෛද්‍ය සමීර සේනානායක මහතා ඉතා හොඳ පිළිතුරක් දී තිබෙනවා. අපි තවත්  මවුවරුන්ට අවධාරණය කලයුතුයි හැකිතාක් තම දරුවන්ව රජයේ සායන වලට පැමිණ එන්නත් කරවාගන්නා ලෙස. ඊට හේතුව රජයේ සායන වල ශිත දාමය ( cold chain) ගැන වගකීමක් දැරීම. ( ශිත දාමය යනු එන්නත් නිෂ්පාදනය  කරන තැන සිට විදින ස්ථානය දක්වා අවශ්‍ය කරන උෂ්නත්වයේම තබාගැනීමයි. ගබඩා කිරීමේදී ප්‍රවාහනයේදී මෙම නියමිත ශිත උස්නත්වයේ තබාගැනීම වැදගත් . එසේ නොකළහොත් එන්නත් වල ගුණාත්මකභාවය නැතුව යනවා පමණක් නොව ආසාත්මිකතා වැනි දරුණු අතුරු ආබාධ පවා පවා ඇතිවිය හැකියි. ) පුද්ගලික අංශයේ නිවැරදිව මෙම දාමය පවත්වාගෙන යන්නේ නෑ කියනවා නෙමේ, නමුත් එසේ නිවැරදිව පවත්වාගෙන නොගිය අවස්ථා ගැන කිහිප වතාවක් වාර්තා වෙලා තියනවා - විශේෂයෙන් පුද්ගලික සායන වල. ( දිවයිනේ ප්‍රමුඛ පුද්ගලික රෝහල් වල නොවේ) 

තර්කානුකුලව හිතලා බැලුවොත් තවත් කරුණක් තිබෙනවා. ගොඩක් වෙලාවට රජයේ සායන වලට ළමුන් බොහෝ පිරිසක් එනවා. ඒ එන ළමුන්ගේ බොහොමයක් දෙනාට සෙම්ප්‍රතිශ්‍යාව වැනි ලක්ෂණ තිබෙනවා. පෝලිම් වල සිටින අවස්ථාවල එවැනි රෝගකාරක වලට නිරාවරණය වන නිසාත් පසුව උණ ලක්ෂණ මතුවිය හැකියි. 


SL Community Health Forum හි එම ප්‍රශ්නය සඳහා ලින්ක් එක පහත සබැඳියෙන් 

https://www.facebook.com/groups/1505129146452494/permalink/1505930579705684/









No comments:

Post a Comment

මෙහෙම කළොත් බෙහෙත් වෙන්න හැකිය විපත්

කතා අංක එක: කන්තෝරුවෙදි නිමල්ට දරා ගන්න බැරි බඩේ අමාරුවක් හැදෙනවා.ඉවසාගෙන ඉන්නම බෑ.හාෆ් ඩේ එකක් දාලා ඉස්පිරිතාලෙ යන්න  යද්දි අල්ලපු මේ...

ජනප්‍රිය කතාබහ