Thursday, February 8, 2018

මේ දිනවල පැතිර යන RSV වයිරසය




2018.02.05 දින කායික රෝග විශේෂඥ Ragunathan MK වෛද්‍යතුමා විසින් තබන ලද සටහනක් අනුවයි.

Important Message from Wanasinghe Mudiyanselage

RSV (Respiratory Syncytial Virus) is already starting this season. 😩👎🏼

With that being said, we all love that people love our babies, but if you have even a cold, please don't get in their face!
In adults, RSV seems like just a cold but can have a baby fighting to breathe. If you have a cold, you could have RSV and not know it.
Please don't kiss the babies! And people with little babies, please make your guests wash their hands and make sure they are healthy.
Share and spread the message!!
Please send your thoughts & prayers for all the little ones fighting this!!! "

ස්වසන මාර්ගයට බලපාන වයිරසයක් වන රෙස්පිරේටරි සින්සිටියල් වයිරසය (Respiratory Syncytial Virus /RSV) නැවත වතාවක් පැතිරෙමින් තිබෙනවා.
වැඩිහිටියන්ට සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාව ලක්ෂණ පමණක්
පෙන්වන මේ වෛරසය මගින් කුඩා ලමුන්ට බරපතල සංකූලතා ඇති කරන්න පුලුවන්. මෙය පැතිරෙන්නේ ආශ්වාස ප්‍රශ්වාසයේදී බිඳිති හරහා බැවින් ඒ පැත්තෙන් ප්‍රවේසම් වීම වැදගත්. ඔබට මේ දිනවල සෙම්ප්‍රතිශ්‍යාව වැලඳී ඇත්නම් ඇතැම් විට ඒ මෙම වයිරසය නිසා විය හැකියි. ඔබේ දරුවා හෝ වෙනත් කුඩා දරුවකු සිඹින්නට යෑමෙන් අතපත ගෑමෙන් ඔබේ සිට එම වයිරසය දරුවාට ශරීරගත වන්නට පුලුවන්. ඔබේ රෝගී තත්ත්වය සෙම්ප්‍රතිශ්‍යාවකින් අවසන් වුවත් අහිංසක දරුවාගේ රෝගීතත්වය දරුණු හුස්ම ගැනීමේ අපහසුවක් හෝ නියුමෝනියා තත්වයක් දක්වා වුවත් ඔඩු දිවිය හැකියි. ඒ නිසා ඔබ හෝ සෙම්ප්‍රතිශ්‍යාව , උණ , කැස්ස ඇති වෙනත් කෙනෙක් දරුවා සිඹීමෙන් වැලකී සිටින්න. එවැනි අසනීප තත්වයකින් සිටීනම් නිරතුරු අත් සේදීම සිදු කරන්න. සෑම විටම ඔබේ කුඩා දරුවා වඩා ගැනීමට පෙර අත්සෝදන මෙන් අමුත්තන්ගෙන් ඉල්ලා සිටින්න.

වැලදුන පොඩි දරුවෙක් ට අවදානය යොමු කරන්න ඕන කොහොමද ?

වැදගත්ම දේ අවදානම් අවස්ථා හඳුනාගන්නෙ කොහොමද කියන එක. මේ රෝග අවස්ථාව තියන හැම දරුවම රෝහලට ඇතුලත් කරන්න අවශ්‍යත් නෑ. සෙම්ප්‍රතිශ්‍යාව වැලඳුණ හොත් ප්‍රතිකාර සඳහා ඉක්මනින් යොමුවෙන්න අවශ්‍ය ලමුන් කොට්ටාශයක් ඉන්නවා. නොමේරූ දරු උපත් ( සති 34ට අඩුවෙන් උපන් ) , මාස තුනට වඩා වයස අඩු දරුවන්, උපතින් හර්ද හෝ පෙනහලු වල රෝග තිබෙන දරුවන්, වෙනත් ප්‍රතිශක්තිය සම්බන්ධ රෝග තිබෙන දරුවන් ට සෙම්ප්‍රතිශ්‍යාව ලක්ශණ පෙන්වනවා නම් ඉක්මනින් වෛද්‍යවරයෙක්ව මුන ගැසෙන්න. අනෙක් දරුවන් ද නිවසේ සිට වෛද්‍ය උපදෙස් අනුව ප්‍රතිකාර කරන්න පුලුවන්. ඔවුන්ගේත් මෙම වෛරසය නිසා පෙර කියපු දරුණු රෝග අවස්ථාවලට යනවද කියලා සැලකිල්ලෙන් ඉන්න එක වැදගත්. එවැනි රෝග ලක්ෂණ මතුවෙනකොටම හඳුනාගන්න එක තමයි නිවසේදී කලයුත්තෙ. පපුව සහ බෙල්ල ආසන්නයේ මාංශපේශි යොදාගනිමින් අපහසුවෙන් හුස්ම ගැනීම, හුස්ම ගැනීමේ වේගය අසාමාන්‍ය ලෙස වැඩි හෝ අඩු වීම, නිල් පැහැයට හුරුවීම, අසාමාන්‍ය උණ, මූත්‍රා පිටවීම අඩුවීම වගේ දේවල් ගැන සලකිල්ලෙන් ඉඳලා ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර වලට යොමුවෙන්න ඕනෙ. මේක මේ අලුත් භයානක වෛරසයක් කියලා අනවශ්‍ය බියක් ඇතිකරගන්නත් එපා. මේ වෛරසය කාලෙන් කාලෙට මතුවෙන දෙයක්. බබාලට හැදුනොත් අමාරුවෙන්න යම් ඉඩක් තියන නිසයි විශේෂ අවධානයක් දෙන්න ඕනෙ. (වෛද්‍ය හසිත උදලාගම )

No comments:

Post a Comment

මෙහෙම කළොත් බෙහෙත් වෙන්න හැකිය විපත්

කතා අංක එක: කන්තෝරුවෙදි නිමල්ට දරා ගන්න බැරි බඩේ අමාරුවක් හැදෙනවා.ඉවසාගෙන ඉන්නම බෑ.හාෆ් ඩේ එකක් දාලා ඉස්පිරිතාලෙ යන්න  යද්දි අල්ලපු මේ...

ජනප්‍රිය කතාබහ