Wednesday, February 14, 2018

රජයේ රෝහලකදී මනෝ වෛද්‍යවරයකු හමු වන්නේ කෙසේද?






SL Community Health Forum ෆේස්බුක් සමුහය වෙත 2018.02.11 දින අසන්නෙක්  යොමු කල  පැනයක් සහ ඊට වෛද්‍යවරුන් ලබා දුන් පිළිතුරු
ඇසුරෙන් සැකසුණි. 


ප්‍රශ්නය - රජයේ රෝහලකින් මනෝ වෛද්‍යවරයකු හමු වීමට නම් මුලින්ම කළ යුත්තේ කුමක්ද.. ? ඕනෑම රජයේ රෝහල් වල මනෝ වෛද්‍යවරුන් සිටිනවාද ?



පිළිතුර - 

මූලික රෝහල් හා ඉන් ඉහළට ඇති රජයේ රෝහල් වල මානසික සායන පවතිනවා. සමහර මූලික රෝහල් වල හා ඉන් ඉහළ රොිහල් වල විශේෂඥ මනෝ වෛද්‍ය ඒකක තිබෙනවා. 

රජයේ රෝහලකින් මනෝ වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට යොමු වීමට ක්‍රම කීපයක් තිබෙනවා. ඔබට පුළුවන් බාහිර ප්‍රතිකාර අංශයේ (ඕපීඩී) වෛද්‍යවරයා හමු වී යොමු කිරීමක් කරවා ගැනීමට. මෙහිදී කෙටියෙන් ඔබේ ගැටලුව පැවසීමෙන් පසු යොමු කිරීම් පත්‍රිකාව ඔබට ලබා දී සායන දිනය පිළිබඳ දැනුවත් කරනවා. බොහෝ මානසික සායන වල නව රෝගීන් පරීක්ෂාව දිනපතා සිදු කෙරෙනවා. 

අනෙක් ක්‍රමය තමයි සායන දිනය දැනගෙන කෙළින්ම සායනයට යාම. මානසික සෞඛ්‍ය සායනයක⁣ට යාමට යොමු කිරීමක් අනිවාර්ය නැහැ. සායන දිනය ඔබට රෝහලේ විමසීම් කවුන්ටරයෙන්, ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය නිලධාරිනියගෙන් දැන ගත හැකියි.


සායනයට යොමු කිරීමට අපහසු තරම් රෝගී තත්වය උත්සන්න වී ඇත්නම් කායික රෝග වාට්ටුවට හෝ මානසික රෝග පිලිබඳ වාට්ටුකට් රෝගියා යොමු කෙරෙනවා. මහ රෝහල් හා ශික්ෂණ රෝහල් වල නේවාසික ප්‍රතිකාර අවශ්‍ය මානසික රෝගීන් සඳහා වෙනම වාට්ටු තිබෙනවා. 

දායකත්වය - වෛද්‍ය සඳුනි සුදර්ශනා පෙරේරා, වෛද්‍ය ඉඳුමිණි වත්තේගම

SL Community Health Forum ෆේස්බුක් සමුහයේ මෙම සාකච්ඡාව සඳහා පහත සබැඳියට යන්න


DISCLAIMER - මෙහි අඩංගු වන්නේ ෆේස්බුක් සමුහයක් තුල සාකච්ඡා වූ කරුණු ඇසුරෙන් සකස් කරන ලද  සාරාංශයකි. රෝගියෙකුගේ ප්‍රශ්නයකදී එයට ගැලපෙන පිළිතුරු දීමට විවිධ පැතිකඩ වලින් එම ප්‍රශ්නය දෙස බැලිය යුතුය. එම නිසා ඔන්ලයින් අවකාශයේදී ප්‍රශ්න වලට පිළිතුරු සැපයීමේදී යම් යම් ගැටළු සහිත තැන් මතුවිය හැක.  මෙම සමුහය තුල අප වෛද්‍යවරුන් උත්සාහ ගන්නේ සමස්ත ජනතාවටම ප්‍රයෝජනවත් වන ලෙස පිළිතුරු සැපයීමට ය . එම නිසා ඔබේ පුද්ගලික ගැටළු වලට විසඳුම් සෙවීමේදී මෙම උපදෙස් උපයෝගී කරගැනීමේදී සැමවිටම සැලකිලිමත් වන්න. හැකි හැමවිටම වෛද්‍ය වරයකු හමුවී සාකච්ඡා කර ඔබේ පුද්ගලික සෞඛ්‍ය ගැටලුවට විසඳුම් ලබා ගන්න. 

No comments:

Post a Comment

මෙහෙම කළොත් බෙහෙත් වෙන්න හැකිය විපත්

කතා අංක එක: කන්තෝරුවෙදි නිමල්ට දරා ගන්න බැරි බඩේ අමාරුවක් හැදෙනවා.ඉවසාගෙන ඉන්නම බෑ.හාෆ් ඩේ එකක් දාලා ඉස්පිරිතාලෙ යන්න  යද්දි අල්ලපු මේ...

ජනප්‍රිය කතාබහ