Saturday, February 17, 2018

එන්න ඇඩ්මිට් වෙමු(2 ) - පෙර සැලසුම් කළ ඇතුලත් වීම්


වෛද්‍ය සඳුනි සුදර්ශනා පෙරේරා 




රෝහලකට ඇතුලත් වීමට සිදුවන විවිධ අවස්ථා අපි කලින් ලිපියෙන් කතා කලා. එම ලිපියට යොමුව පහතින් 



අද කතාබහ පෙර සැලසුමකට අනුව සිදු කරන ඇතුලත් කිරීම් හෙවත් requested admissions.
-හදිසි නොවන සැත්කම්
-සංකූලතා රහිත දරු ප්‍රසූති
-දිගු කාලීන රෝගී තත්වයක් පිලිබඳව වැඩි දුර පරික්ශන සඳහා
-විශේෂිත ප්‍රතිකර්ම සඳහා

මේ ආකාරයට රෝගියෙක් රෝහලට ඇතුලත් කිරීම පෙර සැලසුම් කිරීම කළ හැකියි.

1.
සායන පොතේ හෝ වෙනත් ස්ථානයක රෝගියා ඇතුලත් විය යුතු දිනය ,වෙලාව හා වාට්ටුව වයිද්‍යවරුන් සටහන් කරනු ලබනවා.බොහෝ විට එම දිනය අදාල සැත්කම හෝ පරික්ශනයට පෙර දිනයක්. එසේ සිදු කරන්නේ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු නැවතත් විවිධ වයිද්‍යවරුන් රෝගියාගේ තත්වය නිගමනය කිරීමට, විවිධ පරික්ශන වාර්තා ලබා ගැනීමට හා යෝජිත ප්‍රතිකර්මයට විශේෂිත සූදානම් කිරීම් සඳහා කාලය අවශ්‍ය නිසා යි.ලබා දුන් නියමිත දිනයට හා වේලාවට වඩා ප්‍රමාද වීමෙන් ඔබට යෝජිත ප්‍රතිකර්ම මඟ හැරීමට ඉඩ ඇතිවා මෙන්ම තව රෝගියෙක් ගේ අවස්ථා වත් අහිමි වෙනවා.


2.
දිගුකාලීන ඖෂධ භාවිතා කරන රෝගීන් ගේ සමහර ඖෂධ යෝජිත ප්‍රතිකර්මයට පෙර යම් කාලසීමාවක් නැවතීමට,වෙනත් ආදේශක ඖෂධ භාවිතා කිරීමට ඇතැම් විට උපදෙස් ලැබෙනවා .
තවත් අවස්ථාවක වෙනත් නව ඖෂධ ආරම්භ කිරීමට උපදෙස් ලැබෙනවා.
මෙසේ කරන්නේ ප්‍රතිකාර කාලය තුල විය හැකි සංකූලතාවයන් අවම කිරිමට යි.එනිසා එම උපදෙස් නිසිපරිදි පිලිපැදීම කළ යුතුයි .යම් හෙයකින් එසේ නොකළහොත් යෝජිත ප්‍රතිකාර අවස්ථාවේ ඔබට යම් දරුණු සංකූලතාවයන් ඇති වීමේ අවදානම ක් ඇති නිසා නිසි ඖෂධ භාවිතය මග හැරුණු විටක නොසඟවා ඒ ගැන වයිද්‍යවරුන් හට දැනුම් දිය යුතුයි.


3.
ඇතුලත් වීමට පැමිනෙන විට යම් පරික්ශන වාර්තා රැගෙන එන ලෙසත් උපදෙස් ලැබෙනවා.එහිදී අදාල පරික්ශන වාර්තා ලබා ගත යුත්තේ කුමන කාල පරාසයක දීද යන්න වයිද්‍යවරුන්ගෙන් විමසා නිසි පරිදි එම වාර්තා ලබා ගත යුතු ය.ඊට අමතරව වැදගත් පරික්ශන වාර්තා ,රෝග විනිශ්චය පත්,සායන සටහන් ආදියද රැගෙන පැමිනිය යුතුයි .


4.
ඇතැම් අවස්ථාවක නිරාහාරව හෝ ආහාර රටාවේ වෙනසක් සහිත ව ඇතුලත් වීමට උපදෙස් ලැබෙනු ඇති.නිරාහාරව සිටිය යුතු කාලසීමාව නිවැරදි ව කල් තියා විමසා ගැනීම සුදුසු යි.


5.
ඇතුලත් වීමේදී හැකිතාක් රෝහල්ගත ව සිටීමට අත්‍යවශ්‍ය දෑ පමණක් රැගෙන ඒම උචිතයි .ආභරණ ආදී වටිනා දෑ නිවසේ ම තබා ඒමත් මිලමුදල් ආදිය රෝහල තුල භාවිතය අවම කිරීමත් මගින් එවන් දෑ අස්ථානගත වුනහොත් ඇතිවන නොපහන් අවස්ථා මග හැරෙනවා.බොහෝ විට රෝගියාට අවශ්‍ය ද්‍රව්‍ය පිලිබඳ ව හෙද නිලදාරියෙකුගෙන් විමසා දැන ගැනීමට පුලුවන .


6.
ඇතුලත් වීමට දින ලබා දුන් පසු ඇතුලත් වන දින තෙක් කාල පරාසය තුල අදාල රෝගී තත්වයේ වෙනසක් හෝ නව රෝගී තත්ව රෝගියාට ඇති වී තිබෙනවා වෙන්නට පුලුවන්.යෝජිත ප්‍රතිකාර සඳහා මින් බලපෑමක් වීමට යම් ඉඩක් ඇති නිසාවෙන් මේ ගැන ත් වයිද්‍යවරුන් දැනුවත් කළ යුතුයි .
පෙර සැලසුම් කළ ඇතුලත් වීම් ගැන මේ කෙටි හැදින්වීම ඔබට යම් අලුත් දැනුමක් ලබා දෙන්නට ඇතැයි අපි සිතනවා. මේ ගැන ඔබට ඇති ගැටලු ඉදිරිපත් කිරීමට ආරාධනා කරමින් ලිපියේ නිමාව සටහන් කරනවා.


ඔබට නිරෝගී දවසක්!

(SL Community Health Forum හි වෛද්‍ය සඳුනි සුදර්ශනා පෙරේරා පලකල ලිපියක් ඇසුරෙන් සැකසුණි)

SL Community Health Forum ෆේස්බුක් සමුහය වෙත පිවිසීමට පහත සබැඳියට යන්න


No comments:

Post a Comment

මෙහෙම කළොත් බෙහෙත් වෙන්න හැකිය විපත්

කතා අංක එක: කන්තෝරුවෙදි නිමල්ට දරා ගන්න බැරි බඩේ අමාරුවක් හැදෙනවා.ඉවසාගෙන ඉන්නම බෑ.හාෆ් ඩේ එකක් දාලා ඉස්පිරිතාලෙ යන්න  යද්දි අල්ලපු මේ...

ජනප්‍රිය කතාබහ