Thursday, February 22, 2018

Prednisolone ඔෟෂධය භාවිතයේ අවශ්‍යතාව සහ එහි ක්‍රියාකාරීත්වය






SL Community Health Forum ෆේස්බුක් සමුහය වෙත අසන්නෙක් යොමු කල පැනයක් සහ ඊට වෛද්‍යවරුන්ගෙන් ලැබුණු පිළිතුරු ඇසුරෙන් සැකසුණි 



ප්‍රශ්නය -  
1. කුඩා දරුවන්ට වැළදෙන සෙම්ප්‍රතිශ්‍යාව සඳහා ලබා දෙන Prednisolone ඔෟෂධය භාවිතයේ අවශ්‍යතාව සහ එහි ක්‍රියාකාරීත්වය විද්‍යාත්මකව පහදා දෙන්න.

2. එය immuno-suppressant එකක් නිසා එය භාවිතා කරන කාලය තුල virus ආසාදන වලට ලක් වීමේ හැකියාව වැඩි ද ? (විශේෂයෙන් කුඩා දරුවන් ට)




පිළිතුර - 

Prednisolone කියන්නේ ශරීරයෙන් නිපදවෙන ස්ටෙරොයිඩ හෝමෝනයකට සමාන ක්‍රියාවක් තියෙන කෘතීමව නිපදවූ හෝමෝනයක්. ගිලින පෙති වල තිබෙන්නේ prednisone කියන රසායනය, එය ශරීර ගතවූ පසු ක්‍රියාකාරී සංයෝගය වන prednisolone බවට පත් කරනවා. 

මෙම හෝමෝනය මගින් බලාපොරොත්තු වන්නේ ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය අඩුකර, ඇතිවී තිබෙන රෝග තත්වය පාළනය කිරීමයි. 

සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාව සඳහා ප්‍රෙඩ්නිසොලොන් අවශ්‍යවෙන්නෙ නැහැ.ඒත් ඇදුම තත්වයක් ඇත්නම් පෙනහලු පරීක්ෂාව කර ඇදුම රෝගී තත්වයක් හඳුනා ගතහොත් ප්‍රෙඩ්නිසොලොන් ලබා දෙනව.  අසාත්මිකතාවක් ප්‍රභලව ඇතිවිටත් ප්‍රෙඩ්නිසොලොන් නිර්දේශ කිරීම කරන්න පුලුවන් . 

කෙටි කාලීන භාවිතයේදී බොහෝවිට side effects ඇති වන්නේ නැහැ. දිගුකාලීන භාවිතය හානිකර විය හැකියි.

සම්පත් දායකත්වය - වෛද්‍ය රෝහිත ප්‍රදීප්, වෛද්‍ය ගයාන් මාධව සෙනෙවිරත්න 

SL Community Health Forum ෆේස්බුක් සමුහයේ මෙම සාකච්ඡාව සඳහා පහත සබැඳියට යන්න


DISCLAIMER - මෙහි අඩංගු වන්නේ ෆේස්බුක් සමුහයක් තුල සාකච්ඡා වූ කරුණු ඇසුරෙන් සකස් කරන ලද සාරාංශයකි. රෝගියෙකුගේ ප්‍රශ්නයකදී එයට ගැලපෙන පිළිතුරු දීමට විවිධ පැතිකඩ වලින් එම ප්‍රශ්නය දෙස බැලිය යුතුය. එම නිසා ඔන්ලයින් අවකාශයේදී ප්‍රශ්න වලට පිළිතුරු සැපයීමේදී යම් යම් ගැටළු සහිත තැන් මතුවිය හැක.  මෙම සමුහය තුල අප වෛද්‍යවරුන් උත්සාහ ගන්නේ සමස්ත ජනතාවටම ප්‍රයෝජනවත් වන ලෙස පිළිතුරු සැපයීමට ය . එම නිසා ඔබේ පුද්ගලික ගැටළු වලට විසඳුම් සෙවීමේදී මෙම උපදෙස් උපයෝගී කරගැනීමේදී සැමවිටම සැලකිලිමත් වන්න. හැකි හැමවිටම වෛද්‍ය වරයකු හමුවී සාකච්ඡා කර ඔබේ පුද්ගලික සෞඛ්‍ය ගැටලුවට විසඳුම් ලබා ගන්න. 

No comments:

Post a Comment

මෙහෙම කළොත් බෙහෙත් වෙන්න හැකිය විපත්

කතා අංක එක: කන්තෝරුවෙදි නිමල්ට දරා ගන්න බැරි බඩේ අමාරුවක් හැදෙනවා.ඉවසාගෙන ඉන්නම බෑ.හාෆ් ඩේ එකක් දාලා ඉස්පිරිතාලෙ යන්න  යද්දි අල්ලපු මේ...

ජනප්‍රිය කතාබහ