Saturday, February 17, 2018

අනාරක්ෂිත ලිංගික ඇසුරකින් පසුව යම් සැකයක් ඇත්නම් ඒඩ්ස් සඳහා පරීක්ෂාව කරගන්නේ කෙසේද ?





SL Community Health Forum ෆේස්බුක් සමුහය වෙත අසන්නෙක් යොමු කල පැනයක් සහ ඊට වෛද්‍යවරුන්ගෙන් ලැබුණු පිළිතුරු ඇසුරෙන් සැකසුණි

ප්‍රශ්නයසැක සහිත ලිංගික ඇසුරකින් පසුව යම් සැකයක් ඇත්නම් ඒඩ්ස් සඳහා පරීක්ෂාව කරගන්නේ කෙසේද ?



පිළිතුර -  

ලංකාව පුරා ප්‍රධාන රෝහල්වල ලිංගාශ්‍රිත රෝග සායන පැවැත්වෙනවා.එවන් සායනයක වෛද්‍ය හමුවක් මගින් රෝගියා අවශ්‍ය ප්‍රතිකාර හා පරික්ශන සඳහා යොමු කළ හැකියි. www.aidscontrol.gov.lk
වෙබ අඩවියෙන් සායන පිලිබඳ වැඩි විස්තර ලබා ගත හැකියි.

සැක සහිත ලිංගික ඇසුරකින් පසුව ඒඩ්ස් පමණක් නොව වෙනත් ලිංගික රෝග සඳහා ද පරික්ශා කරවා ගැනීම උචිතයි . ඒ සියලු රෝග වලට අවශ්‍ය පරීක්ෂණ සහ ප්‍රතිකාර පෙර කියූ සායන වලින් සැපයෙනවා .  ඒ සියල්ල සිදු කෙරෙන්නේ නොමිලේ මෙන්ම ඔබේ රහස්‍යභාවයද සම්පුර්ණයෙන්ම ආරක්ෂාකරමින්. 

ඔබ HIV සඳහා පරීක්ෂණ පුද්ගලික අංශයෙන් සිදුකරගන්නවා නම් නිවැරදි පරීක්ෂණය කරගැනීමට වගබලා ගන්න. එසේ කරගැනීමේදී HIV antibody antigen combo test නම් සම්පුර්ණ පරික්ෂාව කර ගැනීම වැදගත්.

සාමාන්‍යයෙන් ආසදිතයෙක් සමග ලිංගිකව එක් වන මොහොතේ සිට (exposure) පරීක්ෂණ සඳහා අවශ්‍ය ප්‍රමාණයට රුධිරයේ වෙනස් වීමට සති හයක පමණ කාලයක් යනවා. එම නිසා අනාරක්ෂිත ලිංගික එක්වීමක සිට සති 6 ක කාලයකින් පසුව පරීක්ෂණය කර ගැනීමෙන් නිවැරදි වාර්තාවක් ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. 


සම්පත් දායකත්වය - වෛද්‍ය සඳුනි සුදර්ශනා පෙරේරා , වෛද්‍ය ඉරුකා රාජපක්ෂ 

SL Community Health Forum ෆේස්බුක් සමුහයේ මෙම සාකච්ඡාව සඳහා පහත සබැඳියට යන්න



DISCLAIMER - මෙහි අඩංගු වන්නේ ෆේස්බුක් සමුහයක් තුල සාකච්ඡා වූ කරුණු ඇසුරෙන් සකස් කරන ලද සාරාංශයකි. රෝගියෙකුගේ ප්‍රශ්නයකදී එයට ගැලපෙන පිළිතුරු දීමට විවිධ පැතිකඩ වලින් එම ප්‍රශ්නය දෙස බැලිය යුතුය. එම නිසා ඔන්ලයින් අවකාශයේදී ප්‍රශ්න වලට පිළිතුරු සැපයීමේදී යම් යම් ගැටළු සහිත තැන් මතුවිය හැක.  මෙම සමුහය තුල අප වෛද්‍යවරුන් උත්සාහ ගන්නේ සමස්ත ජනතාවටම ප්‍රයෝජනවත් වන ලෙස පිළිතුරු සැපයීමට ය . එම නිසා ඔබේ පුද්ගලික ගැටළු වලට විසඳුම් සෙවීමේදී මෙම උපදෙස් උපයෝගී කරගැනීමේදී සැමවිටම සැලකිලිමත් වන්න. හැකි හැමවිටම වෛද්‍ය වරයකු හමුවී සාකච්ඡා කර ඔබේ පුද්ගලික සෞඛ්‍ය ගැටලුවට විසඳුම් ලබා ගන්න. 

No comments:

Post a Comment

මෙහෙම කළොත් බෙහෙත් වෙන්න හැකිය විපත්

කතා අංක එක: කන්තෝරුවෙදි නිමල්ට දරා ගන්න බැරි බඩේ අමාරුවක් හැදෙනවා.ඉවසාගෙන ඉන්නම බෑ.හාෆ් ඩේ එකක් දාලා ඉස්පිරිතාලෙ යන්න  යද්දි අල්ලපු මේ...

ජනප්‍රිය කතාබහ