Saturday, February 17, 2018

Polycystic Kidney Disease







SL Community Health Forum ෆේස්බුක් සමුහය වෙත 2018.02.08 දින අසන්නෙක් යොමුකළ ප්‍රශ්නයක් සහ ඊට ලැබුණු පිළිතුරු ඇසුරින් සකස් කරන ලදී  


ප්‍රශ්නය - Polycystic Kidney Disease  (වකුගඩු සම්බන්ද රෝගය) ගැන යම් පැහැදිලි කිරීමක් කළ හැකිද? මෙය සුව කිරීමට ක්‍රමවේදයක් තිබේද?


පිළිතුර 

Polycystic Kidney Disease  යනු ප්‍රමුඛ ජාන මගින් ඇති වන ජානමය රෝගයකි. නමුත් බොහෝ ජානගත රෝග මෙන් නොව මෙහි ප්‍රථිඵල ඇති වන්නේ වැඩිහිටි වයසේදීය. වකුගඩු වල වතුර බුබුළු සෑදීම, අධි රුධිර පීඩනය සහ ක්‍රමයෙන් වකුගඩු ක්‍රියා විරහිත වීම මෙහි රෝග ලක්ෂණයි. සමහර රෝගීන්ට මොළයේ ලේ නහර පිපිරී යාම සහ අක්මාවේ වතුර බුබුළු ඇති වීමත් දැකිය හැකියි.

1. මේ රෝගය සුව කළ නොහැක. දරුවන්ට සම්ප්‍රේෂණය වීමේ ඉඩ 50% ක් වේ.

2. ජානයේ ඇති ව්කෘතිතාවය අනුව රෝගයේ බරපතල බව, එනම් වකුගඩු සම්පූර්ණයෙන් ක්‍රියා විරහිත වන වයස තීරණය වේ. බොහෝ විට මෙය ත්ම මව / පියාගේ රෝගී වූ වයසට සමානය.

3. වකුගඩු විශාල වීම නිසා වේදනාව, දිය බුබුළු වලට ලේ ගැලීම හෝ ආසාදනය වීම නිසා වේදනාව සහ කලාතුරකින් පිළිකා ඇති විය හැකියි. මුත්‍රා ගල් බහුලව ඇතිවේ.

4. මේ රෝගය සහිත ඥාතියකුට අංශභාගය හෝ ක්ෂණික මරණය ඇතිවී ඇත්නම්, මොළයේ නහර ඉදිමී ඇති දැයි පකීක්ෂා කරගත යුතුය.

5. රුධිර පීඩණය පාලනය මගින් වකුගඩු සම්පූර්ණයෙන් ක්‍රියා විරහිත වන කාලය අවුරුදු 10කින් පමණ පස්සට දමා ගත හැකිය.

6. මේ රෝගය ඇති අය වකුගඩු සායනයක් වෙත නොවරදවාම යා යුතුය.



සම්පත් දායකත්වය - වකුගඩු සම්බන්ධ විශේෂඥ වෛද්‍ය රංග වීරක්කොඩි මහතා


SL Community Health Forum ෆේස්බුක් සමුහයේ මෙම සාකච්ඡාව සඳහා පහත සබැඳියට යන්න

SL Community Health Forum


DISCLAIMER - මෙහි අඩංගු වන්නේ ෆේස්බුක් සමුහයක් තුල සාකච්ඡා වූ කරුණු ඇසුරෙන් සකස් කරන ලද සාරාංශයකි. රෝගියෙකුගේ ප්‍රශ්නයකදී එයට ගැලපෙන පිළිතුරු දීමට විවිධ පැතිකඩ වලින් එම ප්‍රශ්නය දෙස බැලිය යුතුය. එම නිසා ඔන්ලයින් අවකාශයේදී ප්‍රශ්න වලට පිළිතුරු සැපයීමේදී යම් යම් ගැටළු සහිත තැන් මතුවිය හැක.  මෙම සමුහය තුල අප වෛද්‍යවරුන් උත්සාහ ගන්නේ සමස්ත ජනතාවටම ප්‍රයෝජනවත් වන ලෙස පිළිතුරු සැපයීමට ය . එම නිසා ඔබේ පුද්ගලික ගැටළු වලට විසඳුම් සෙවීමේදී මෙම උපදෙස් උපයෝගී කරගැනීමේදී සැමවිටම සැලකිලිමත් වන්න. හැකි හැමවිටම වෛද්‍ය වරයකු හමුවී සාකච්ඡා කර ඔබේ පුද්ගලික සෞඛ්‍ය ගැටලුවට විසඳුම් ලබා ගන්න. 




1 comment:

  1. MGM National Harbor Casino And Hotel - MapyRO
    M life Rewards® 경기도 출장마사지 benefits: Members can receive 수원 출장마사지 a 양산 출장샵 $20 M life 구미 출장안마 Rewards card to make use of a $20 M life Membership. M 원주 출장샵 life Rewards is

    ReplyDelete

මෙහෙම කළොත් බෙහෙත් වෙන්න හැකිය විපත්

කතා අංක එක: කන්තෝරුවෙදි නිමල්ට දරා ගන්න බැරි බඩේ අමාරුවක් හැදෙනවා.ඉවසාගෙන ඉන්නම බෑ.හාෆ් ඩේ එකක් දාලා ඉස්පිරිතාලෙ යන්න  යද්දි අල්ලපු මේ...

ජනප්‍රිය කතාබහ